ammage daduwama - part 3


අම්මගේ දඩුවම - 3 කොටස


ඔන්න ඉතින් කාලෙකින් ආපහු කතාවක් එක්ක ආවේ. ගොඩක් ය අහපු ඉල්ලපු අම්මගේ දඩුවමේ කතාවේ 3 වෙනි කොටසයි අද ගෙනාවේ.. 



ඔන්න ඉතින් කාලෙකින් ආපහු කතාවක් එක්ක ආවේ. ගොඩක් ය අහපු ඉල්ලපු අම්මගේ දඩුවමේ කතාවේ 3 වෙනි කොටසයි අද ගෙනාවේ..

ඉතින් කලින් පාර අම්මගේ දඩුවම මතක ඇතිනේ.. කියවල නැති ය ගිහින් කියවන්න මෙතනින්..

1කොටස - https://sinhalapunishmentkatha.blogspot.com/2019/12/ammage-daduwama-part-1.html
2 කොටස - https://sinhalapunishmentkatha.blogspot.com/2020/01/ammage%20daduwama%20-%20part%202.html

එදා රෑ මුල්ම වතාවට අම්මිගෙන් එහෙම පනිෂ් උනාට පස්සේ ඇත්තටම මගේ ජීවිතේම වෙනස් උනා..  මොකද ඒ දඩුවම එදායින් ඉවර උනේ නෑ. ඒක පටන් ගැන්මක් විතරයි..  එදා රෑ මන් කතාව නැවැත්තුවේ අම්මි  අන්තිමට  එයා ටීවී බලනකම් බිත්තිය අයිනේ මාව දනගස්සවලා තිබ්බ එකෙන්නේ...  එකෙන් පස්සේ මට රුම් එකට යන්න හම්බුනා..   එදා දවස එච්චරයි..  එත් පහුවදා උදේ..
පහුවදා උදේ අම්මි නිවාඩු දවසක්. මමත් ගෙදර , ඉතින් මන් නැගිටිද්දී ටිකක් දවල් උනා. ඇත්තම කියනවනම් නැගිටින්න දවල් උනාට වඩා මට නැගිටලා කාමරෙන් එලියට එන්න හිතුන්නේ නෑ.. මොකද කලින් දවසේ රෑ කාපු පනිෂ්මන්ට් එකෙන් පස්සේ අම්මිගේ මුණ බලන්න ලැජ්ජාවක් තිබ්බේ.. ඉතින් මන් කාමරේට වෙලා කල්පනා කර කර හිටිය ඇහැරිලා .. උදේ 9 ට විතර අම්මි කතා කරනකනුත් මන් රුම් එකේ... කොහොමහරි අම්මිත් කතා කර නිසා මන් එලියට ආව . අම්මිනම් වෙනසක් නැතුවම වෙනදා වගේම කතා කළා .. එත් එයාට තේරුණා මගේ වෙනසක්...
අම්මි : මොකද සුදු පුතා..  බිම බලාගෙන...
මම : මුකුත් නෑ අම්මි
අම්මි : මුකුත් නැත්තේ නෑ.  මොකෝ නිකම්...
මම : නෑ අම්මි මට ලැජ්ජයි..
අම්මි : ඒ මොකටද?  ආ ඊයේ රෑ මගෙන් පනිෂ් උන එකටද?
මම : ම්ම්ම්...
අම්මි : සුදු පුතා මේ අහන්න. මන් ඔයාගේ අම්මිනේ. අනික ඔයයි මමයි විතරයි නේ ඉන්නේ.. ඉතින් අම්මි ඉස්සරහ දඩුවම් විදින්න ලජ්ජා වෙන්න එපා. අනික ඔයාට ඉස්සරහට ඔයාට වඩා දේවල් කරන්න වෙයි.
මම : ආ......
එදා එච්චරයි.... දවස සාමාන්‍ය විදිහට ගෙවුන.

ඊලග සිදුවීම උනේ ඊට සතියකට විතර පස්සේ දවසක්..  එදා රෑ ගැන හිතෙන ටික ටික අමතක වෙන ගමන් තිබ්බේ...  යාලුවෙක්ගෙ අයිය කෙනෙක් රට ඉදන් ඇවිත්. පොර යාලුවටයි මටයි පොරගේ යාලුවොන්ට යි පාටියක් දුන්න. මාත් ඉතින් සෙට් උනා. මොකද ඔය කාලේ කවුද ඒ වගේ පාටියක් මග හැරගන්නේ,, කොහොමහරි එදා මන් ගෙදර එද්දී රෑ 12 ටත් කිට්ටු වෙලා.. මන් ඒ වෙද්දී එහෙම බොන්න පුරුදු වෙලා හිටියේ නැතත් මන් බියර් එහෙම බොනවා. එදත් බියර් බෝතල් දෙකක් විතර ගහල ගෙදර ආවේ. ගෙදර එද්දී අම්මි ඇවිත් දොර ඇරියේ.. එත් එයා මුකුත්ම කිවේ නෑ. යන්න ගිහින් නිදාගන්න කියල විතරයි කිවේ. මටත් ඉතින් ඒ වෙලේ ලොකුවට ගානක් ගියේ නෑ. මාත් නිදාගන්න ගියා...   පහුවදා උදේ මන් නැගිටලා එද්දී අම්මි ඉන්නවා ස්තොප්පුවේ පුටුවක ඉදගෙන..
අම්මි  : සුදු පුතා මෙහෙ එන්න.
මම : අම්මි....
අම්මි : අම්මි තමා.. ඊයේ රෑ ඔයා වැරදි කීයක් කලාද කියල දන්නවද?
මම දැන් දන්නවා අදනම් ගුටි තමා කියල..  එත් මන් හිතුවේ පරක්කු උන එක විතරයි අම්මිට මන් බීපු එක නෝට් වෙලා නැතිව ඇති කියල..
මම : සොරි අම්මි ටිකක් පරක්කු උනා.. යාලුවෙක් ගේ ගෙදර හිටියේ..
අම්මි : පරක්කු විතරද>?  ඊයේ මොනාද බීල ආවේ?  මන් දන්නේ නෑ කියල හිතුවද?  ඔයාවනම් මෙහෙම හොදින් කියල හදන්න බෑ සුදු පුතා...  ඉන්නකෝ මන් කරන්න හොද වැඩක්...
මම : අනේ අම්මි. සොරි අම්මි මන් ආයේ බොන්නේ නෑ..
අම්මි : නෑ නෑ සොරි කියල වැඩක් නෑ අදනම්.. අද මන් ඔයාට දෙන්නම් දඩුවමක් ආයේ මතකම හිටින්න.. 
මන් හිතුවේ අදත් එදා වගේ ගුටි කන්න වෙයි තමා කියල.
අම්මි : යන්න කාමරේට ගිහින් මන් කියනකම් කාමරේට වෙලා ඉන්න. කොහෙවත් යන්න බෑ. දෙන්න මට ඔයාගේ ෆෝන් එකත්.. යන්න.
මන් මුකුත් නොකිය ෆෝන් එකත් අම්මිට දීල කාමරේට ගියේ මොනා වෙයිද කියල හිතාගන්න බැරුව.  මට ඇහුනා අම්මි කාටද කෝල් එකක් ගන්නවා. එත් කතා කරන්නේ මොනාද කියල පැහැදිලිව ඇහුනේ නෑ..  
පැය එකහමාරකට විතර පස්සේ අම්මි ආව රුම් එකට..  අම්මි ඒ වෙලාවේ ඇදන් හිටියේ කළු දනිස්ස ගාවට ස්කර්ට් එකකුයි සුදු බ්ලව්ස් එකකුයි. හරියට ඔෆිස් යන්න අදිනවා වගේ, මන් හිතුවේ අම්මි කොහේ හරි යන්නවත්ද කියල..
අම්මි : ෂෙහාන් එන්න එලියට ....
මම ටිකක් පුදුම උනා. මොකද අම්මි මට නම කියල කතා කරන්නේ සෑහෙන අඩුවෙන්.. මන් එලියට ආව කෝකටත්..  අපි දෙන්න ඉස්තෝප්පුවට එද්දී එතන අපි දෙන්නට අමතරව තව කෙනෙක් හිටියේ.. ඒ වෙන කවුරුවත් නෙමේ අර මුලින්ම මන් කිව රට ඉදන් ආපු ඇන්ටි.. ඇන්ටි කීවට එයාට ලොකු වයසක් පෙන්නේ නෑ.. එයානම් අම්මිටත් වඩා කොට ස්කර්ට් එකක් ඇදන් හිටියේ ..  රතු පාට බ්ලව්ස් එකක් එක්ක..  ඒ වගේම එයාට එහා පැත්තෙන් ටිකක් දිග ලොකු බෑග් එකකුත් තිබ්බ පුටුව උඩ. මට දැන් මුකුත් හිතාගන්න බෑ.. මන් අම්මි දිහයි ඒ ඇන්ටි දිහයි මාරුවෙන් මාරුවට බලනවා..
අම්මි :  ෂෙහාන් මන් කියන දේ හොදට අහගන්න. ඔයා එන්නම එන්න නරක වෙනවා.. මෙහෙම ගියොත් මට ඔයාව හදාගන්න බැරි වෙනවා. එදා මන් ඔයාට දුන්න දඩුවම ත් ඔයාට අමතක වෙලා වගේ ඊයෙත් අර ව්දිහේ වැරද්දක් කලේ... ඉතින් අද මන් මේ නිලූ ඇන්ටි ට එන්න කිව.
මම : (ටිකක් විතර බයත් වෙලා.. හිතාගන්නත් බැරුව මුකුත් ) ඇයි අම්මි නිලූ ඇන්ටි ?  සොරි අම්මි මන් ආයේ එහෙම කරන්නේ නෑ..
අම්මි : 1. ඔව් ඔයා ආයේ කරන්නේ නැති වෙයි තමා. මොකද ආයේ එහෙම නොකරන ඔයාට අද දඩුවම් ලැබෙයි ඒ වැරදි වලට.. 2 . දැන් ඉදන් අද දවසට මන් ඔයාගේ අම්මි නෙමේ. මතකනේ එදා කිව. මට මැඩම් කියලයි කතා කරන්න ඕනේ. ඒ වගේම නිලූ ඇන්ටි ත්. එයාට කතා කරන්න ඕනේ නිලූ මැඩම් කියල. මොකද අද ඔයාට දඩුවම දෙන්නේ මන් නෙමේ. නිලූ මැඩම්.  මොකද එයාට හොදට අත්දැකීම් තියෙනවා මේවගේ ඒවාට.
ඒ පාරනම් වෙන්නේ මොකක්ද කියල හිතාගන්න බැරුව මන් බලාගෙන හිටියේ... අම්මිගෙන් ගුටි කෑවත් වෙන දඩුවමක් ලැබුනත් ඉවසන්න තිබ්බ. එත් මේ නිලූ ඇන්ටි ගෙන් .. එකත් අම්මි ඉස්සරහ.. එත් දැන් කරන්න දේකුත් නෑ. අම්මි කතා කරනා විදිහෙන්ම තේරෙනවා එයා ඉන්නේ තරහෙන් කියල. ඉවසීමෙන් කතා කලාට.. මට කරන්න දෙයක් නෑ..
මම : අනේ අම්මි . සොරි. අදට විතරක් සමාව දෙන්න. ආයේ එහෙම කරන්නේ නෑ මන් ( අවසන් උත්සාහයත් දාල බැලුව බේරෙන්න )
එකට උත්තරේ හම්බුනේ අම්මිගෙන් පස්සට වේවැල් පාරක්..
අම්මි :අම්මි ? දැන් මොකක්ද කිවේ මන් ඔයාට ? ම්ම්...? ( තවත් පාරක් ) මතක තියාගන්න. ඔයාට සෙල්ලම් කරන්න දුන්න කාලේ ඉවරයි.. ඔයා තාම ඉන්නේ මාත් එක්ක මගේ ගෙදර. ඒ නිසා ඔයාට ඕන විදිහට නටන්න බෑ.. වැරදි කලානම් දැන් දඩුවම් විදින්න ලැස්ති වෙන්න.
මට තේරුනා දැන් ඉතින් වෙන කරන්න දෙයක් නෑ කියල.. අම්මි යි නිලූ ඇන්ටි දෙන දඩුවමක් විදින්න වෙනවා  , මන් ඉතින් හිත හදාගත්ත. වෙන ඕන දෙයක් වෙන්න කියල.. (ඇත්තටම කිව්වොත් අම්මි , නිලූ ඇන්ටි දෙන්නම පට්ට ලස්සන දෙන්නෙක්. ඒ වගේ දෙන්නෙක් ගෙන් ගුටි කන එකත් සැපක් නේ කියල නොහිතුනා නෙමේ. *මේ කාලේ වෙද්දී මන් ෆෙම්ඩම් අරව මේවා මුකුත් දන්නේ නෑ.. හැබැයි කතාව ඉස්සරහට තවත් ගොඩක් දේවල් වෙනවා..)
මම : හරි මැඩම්....
අම්මි : හරි. මතක තියාගන්න දැන් ඉදන් මන් වගේම නිලූ ඇන්ටි ත් ඔයාට මැඩම් වෙන්නේ. අපි දෙන්න කියන මොකක් උනත් ඒ විදිහට කරන්න ඕනේ. වෙනසක් නැතුව. මට වගේම ඔයාට දැන් නිලූ ඇන්ටි ටත් යටත් වෙන්න වෙනවා..
මම : ඔව් මැඩම්...
අම්මි ගිහින් ඉස්සරහ දොර වහල ආව..  ඇවිත් නිලූ ඇන්ටි ට එහා පුටුවේ ඉදගත්තා.. දැන් ගෙදර අපි තුන්දෙනා විතරයි. අම්මයි නිලූ ඇන්ටි යි දෙන්නන පුටුවේ ඉදන් ඉන්නවා. මන් ස්තොප්පුව මැද්දේ හිටගෙන බලාගෙන ඉන්නවා..
අම්මි :  නිලූ He is yours now…!  
(ඉක්මනින්ම ඉතුරු ටික දානවා..)

No comments:

Post a Comment