ඉස්කෝලෙ කාලෙ - 03 කොටස
ඉතිං කලින් කොටස ගැන ලොකුවට මතක් කරන්න යන්නේ නෑ...අම්මගෙන් හම්බුන පනිශ්මන්ට් එකක් ගැන නේ ඒ කොටස ගෙතුනේ..අවසානෙ ලොකු ප්‍රශ්නෙකුත් කියවන ඔයාලට ඉතුරු කරලා තමා කලින් කොටස නිමා උනේ...අද බලමු ඊටපස්සේ මොකද උනේ කියලා..
අනෝමා මැඩම් ක්ලාස් එකට එනකොට මම කලබල වෙලා හොඳටම....මගේ හොඳම යාලුව කෞෂල්‍යා තමා මගේ ලඟම හිටියේ.."මොකද බං දඟලන්නේ..මොනවද උබ හොයන්නේ ඔය?" කෞෂල්‍යා
මම බෑග් එක ඇද ඇද පොත් අදිනවා දැකලා ඇහුවා ඇඟිල්ලෙන් ඇනලා.."අනේ.අනේ බං මම
ඊයේ හෝම්වර්ක් කරේ නෑ බං..පොත දිගෑරියෙවත් නෑ ඊයේ මැත්ස්...."මම ගණන් පොත
පෙරලන ගමන් කීවා..ලී පුටුවේ වාඩිවෙලා ඉන්නකොට පස්ස පැත්තත් ටිකක් රිදෙනවා
හැබැයි මේ වෙලාවෙ මට ඒවා නිච්චි නෑ..අනික පෑන්ටි 2ක්ම ඇඳලා තව සුදුපාට ශෝට්
ටයිප් කලිසමකුත් යටට ඇඳලා නිසා රිදෙන එක ටිකක් ශේප්.."ඒ මැට්ටි..උබට
පිස්සුද බං..ඊයෙ මැඩම් හෝම්වර්ක් දුන් නෑ හලෝ..."
කියලා කෞෂල්‍යා හිනාවෙලා කියනකොට මට මාරම ලැජ්ජාවක් වගේම සතුටක් ආවේ...දෙයියනේ තව ටිකෙන් මට චූත් යනවා බය උන තරම.ඊයෙ අම්මගෙන් වේවැල් පාර කාලා එහෙමම නිදාගත්තා මිසක් ආයෙ පොතක් පෙරලලා බැලුවෙවත් නෑනෙ.මම හිතුවෙම හැමදාම වගේ මැඩම් හෝම්වර්ක් දීලා කියලා..මොනව උනත් මගෙ පොඩි හරි වාසනාවක් තියෙනවා කියලා ඒ වෙලාවේ තේරුනා.
මම හොඳ හුස්මක් පාතට දාලා "අම්මෝ..උබ නම් දෙයියෙක් බං..ඇයි ඕක කලින් කීවෙ නැත්තේ..." කීවා කෞෂල්‍යාට.."කියන්න උබ අහන්න එපැයි යකූ..පිස්සු හැදිලා වගේ දඟලනකොට මං දන්නවද..." කෞෂල්‍යා හිනාවෙවී කියනකොට "මොකද පිටිපස්සේ පේලියේ දෙන්නා...ආ...වෙනම පාඩමක් ද ඔතන..නැගිටිනවා දෙන්නම.." කියලා අනෝමා මැඩම්ගේ කටේ සද්දේ ඇහුනා..වටපිට බලනකොට කට්ටියම අපි දිහා බලාගෙන..අපි දෙන්නා මැඩම් ආව එකත් අමතක වෙලා කතාවනෙ..ඉවරයි.එකපාරම බයවෙල ඉඳලා හිතට සැනසීමක් ආවම ආයෙම එකක් පාත් උනා...
දෙන්නම නැගිට්ටා මැඩම් කීව නිසා.."මොකද දෙන්න කතාව...පාඩම වෙලාවට කතා බෑ..නගිනව දෙන්නම පුටු දෙකට..උස්සගන්නව අත්දෙක.."මැඩම් සැරෙන් කීවා..අපෝ මොන ලැජ්ජාවක්ද..කට්ටියම බලාගෙන අපි දිහා..මම නම් හොඳට බයවෙලා ආයෙම..ලැජ්ජාවෙන් ලැජ්ජාවෙන් පුටුව උඩට නැගලා අත්දෙක උඩට උස්සාගත්තා..කොල්ලොත් බලාගෙන කට කොනෙන් හිනාවෙනවා..සවිඳු ත් බලාගෙන ඉන්නවා මම දැක්කා බලනකොට..."හා..ඔහොම ඉන්න ගමන් පාඩම අහගන්නවලා..වාඩිවෙලා සැපට පාඩම අහගන්නනේ බැරි.." අනෝමා මැඩම් කීවා...අපි දෙන්නා මුණවල් බෙරි කරගෙන පාඩම කියලා දෙන එක අහගෙන හිටියා..පලවෙනි පීරියඩ් එක ඉවර වෙනකන්ම පුටුව උඩ හිටගෙන හිටියේ දෙන්නම..අත්දෙක රිදෙනවා උඩට උස්සගෙනම ඉඳලා..දාඩියත් දාලා..මගේ හිතේ පොඩි බයක් තිබ්බා අවසානෙ ගුටිකන්න වෙයිද කියලත්..."වාඩිවෙනව දෙන්නම..ආයෙ මට අහු උනොත් කතා කරල හම ගහනව දෙන්නවම.." මැඩම් සැර කරලා කීවා..අපි දෙන්නම පුටුව පිහලා වාඩි උනා..කොහොමහරි එදා නූලෙන් බේරුනා ගුටි නොකා ඔන්න ඔහොම..හැබැයි ඒ සැනසීම තිබ්බේ ඉන්ටවල් ඉවර වෙනකන් විතරයි..දේවල් වෙන්නේ හිතන්නෙවත් නැති වෙලාවල් වලට තමයි..7,8 පීරියඩ් දෙක එදා තිබ්බේ කාණ්ඩ විෂයන්.මම කාණ්ඩ විෂයන් වලින් දෙමළ කරා එක කාණ්ඩයකට..
කෞෂල්‍යා ත් දෙමළ..කොල්ලො නම් දෙන්නෙක් විතර දෙමළ කරේ ක්ලාස් එකෙන්.කෙල්ලො 10ක් වගේම දෙමළ කරේ..එදා 7,8 පීරියඩ් දෙකේ දෙමළ හිංද අපි පොත් අරගෙන දෙමළ උගන්නන්න ෆරූජා මැඩම් හිටිය කාමරේට යන්න ලෑස්ති උනා.මැඩම් ඒකෙම තමා උගන්නන්නේ..ෆරූජා කීවම ඔයාලට තේරෙන්න ඇතිනේ මුස්ලිම් මැඩම් කෙනෙක් කියලා.ටිකක් තලෙලු ෆට්ටම සැර මැඩම් කෙනෙක්.හැබැයි අපි කවදාවත් ගුටිකාලා නම් නෑ.බැනුම් අහලා විතරයි තියෙන්නේ..ඒ උනාට කලින් දෙමළ කරපු අක්කා කෙනෙක් මට කියලා තිබ්බා ෆරූජා මැඩම්ව අවුස්සාගන්න එපා දෙනවා දීමක් තරහ ගියොත් නම් එපාවෙන්නම කියලා..මැඩම් දිහා බැලුව ගමන්ම කීවහැකි සැර කෙනෙක් කියලා..වැඩිය කතා බහක් නෑ.සිංහල හොඳට කතා කරන්න පුළුවන්.එයා සාරි ඇඳලා නෙමෙයි ඉස්කෝලෙ ආවේ..
මුස්ලිම් ගෑණු අය අඳින ඇඳුමක් ඇඳලා ආවේ..ඒ ඇඳුම මොකද්ද කියන එක නම් මම හරියටම නම දන්නේ නෑ..පන්ජාබ් එකක් වගේ...ටිකක් සාරියකුත් වගේ..ඔයාලා දන්නව ඇති නේ අනිවාරෙන්ම මම අදහස් කරන ඇඳුම.නම දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් කරගෙන යන්නකෝ..ඔන්න මැඩම් ගැන විස්තර කරා පොඩ්ඩක්..දවසින් දවස කතාවට අලුත් චරිත එකතුවෙන නිසා මම ඒ ඒ වෙලාවට ඒ චරිත ගැන පොඩි විස්තරයක් කරන්නේ..කෞෂල්‍යා පොත එහෙම අරගෙන "යමු බං.." කියනකොට මම තාම බෑග් එක අදිනවා..
එතකොට තමා මට මතක් උනේ ඊයෙ දෙමළ පොත බෑග් එකට දාගත්තේ නෑ කියලා..."ඒ මම දෙමළ පොත ගෙනත් නෑ බං..අලුත් වචන ලියන පොත ත් නෑ...." කියලා කෞෂල්‍යා ට කීවා..අදනම් එපාකරපු දවසක්.උදේ පීරියඩ් එකක්ම පුටුව උඩ හිටගෙන හිටියා..ඒ මදිවට දැන් හොඳම වැඩේ දෙමළ කාමරේට යන්න වෙන්නේ අත්දෙක වන වන තමා."දැන් ඉතිං මොනව කරන්නද කාවි..වෙන පොතක් ගනින්..මැඩම් සාමාන්‍යයෙන් පොත් බලන්නෙත් නෑනෙ...හැබැයි එදා අර හෝම්වර්ක් එකක් දුන්න හිංද අද බලයිද දන් නෑ.."
කෞෂල්‍යා කියනකොට තමා ආයෙම මං රත් උනේ..ගිය සතියේ ෆරූජා මැඩම් හෝම්වර්ක් එකකුත් දුන්නා කියලා මට මතක් උනා.මම ඒකත් නම් කරලා තිබ්බේ ඒ උනාට ඉතිං පොත ගෙදරනේ...දෙමළ කාමරේට නොයා ඉන්නත් බෑ ඒක අහු උනොත් එහෙම ප්‍රින්සිපල් මැඩම් ගාවටම යන්න වෙනව..ඒ හිංද මම වෙන පොතක් අරගෙන "යමු බං..අද නම් එච්චර හොඳ දවසක් නෙමෙයි බං.."කියලා කෞෂල්‍යා ටත් කියලා දෙමළ කාමරේට ගියා..මැඩම් අපි සේරම ගියාට පස්සේ "වනක්කම්.."කියලා සුපුරුදු විදියට පාඩම කරන්න පටන් ගත්තා..."මම එදා දුන්න homework එක කට්ටිය කරාද?පොත් මේසෙ උඩින් තියන්න ලමයි.."
ෆරූජා මැඩම් කවදාවත් නැතුව අද මුලින්ම පොත් බලන්න ලෑස්ති උනා..කෞෂල්‍යා මං දිහා බැලුවා ඒ වෙලාවේ..අපි දෙන්නා වාඩිවෙලා හිටියේ පිටිපස්සේ ඩෙස්ක් දෙකක..මැඩම් ඉස්සරහ පේලියේ ඉඳලා පොත් බල බල ආවා..කොල්ලො දෙන්නත් කරලා..කෞෂල්‍යා ගාවට ඇවිත් එයාගෙ පොත බලලා මං ගාවට ඇවිත් මං ඉස්සරහ මැඩම් හිටගත්තම මම ඉබේම නැගිට්ට උනා.."පොත ගෙනත් නෑ මැඩම් මම..." මම මැඩම් අහන්නත් කලින්ම කීවා.."ටයිම්ටේබල් එකේ අද ටැමිල් තියෙනවා නේද??එහෙනම් පොත ගේන්න ඕනනේ.." ෆරූජා මැඩම් මම කීව එකක් ගනන් ගත්තේවත් නැතුව ඉතුරු කෙල්ලො දෙන්නගෙත් පොත් දෙක බලලා ඉස්සරහට ගියා.මම තාම හිටගෙන..මැඩම් ඉස්සරහට ගිහින් මේසෙ උඩ තියලා තිබ්බ කෝටුව වගේ එක අතට අරගෙන ආපහු මං පැත්තට එනවා දැක්කම මාව රත් උනා..වේවැලක් නෙමෙයි ඒක..ගැට ගැට තිබ්බ අඩි 3ක් වගේ දිග ටිකක් හීනි කෝටුවක්.
බැලූ බැල්මට නම් පේර කෝටුවක් වගේ තමා පෙනුනේ..මට ඒක නිච්චිත් නෑ...දාඩියත් දාලා ඒ වෙලාවේ..ෆරූජා මැඩම් මං ගාවට ඇවිත් හිටගත්තා මගේ ඉස්සහරින්..වෙනදටත් වඩා සැර මූණක් තිබ්බේ ඒ වෙලාවේ මැඩම්ගේ.."අත අල්ලනවා.." මැඩම් කෝටුවෙන් මගේ ඩෙක්ස් එකට තට්ටු කරලා කීවා...මම හිමින් හිමින් මගේ වම් අත ඉස්සරහට දික් කරා..අල්ලට දාඩිය දාලා හොඳට..ඇඟිලි වෙව්ලනවා වගේ නිකං....ෆරූජා මැඩම් ඇඟිලි කෙරවෙලෙන් අල්ලගත්තා අල්ලගෙන අල්ල හොඳට පාදලා මගේ වලලු කර හරියෙන් අත හොල්ලන්නවත් බැරිවෙන්න දික් වෙලා හිටින්න අල්ලාගත්තා..."වැරදි දෙකයි...පොත ගෙනාවෙ නැති එක,homework කරලා නැති එක"මැඩම් කෝටුව අල්ල මැද්දට තියලා තට්ටු කර කර මගේ මූණ දිහා බලලා කීවා..අම්මෝ ඒ බය තාම දැනෙනවා වගේ..මට ඇඬෙන්න ඔන්න මෙන්න...දාඩිය වැක්කෙරෙනවා..කිස් කිස් කිස් කිස් සද්දෙට එකපාරම කෝටුව උඩ ගිහින් පාරවල් 4ක් වැදුනා මගේ සුදුම සුදු අල්ලට..අම්මෝ...
අල්ලට වේවැලෙන් කාල තියෙනවා කලින් එච්චර නම් රිදිලා නෑ..අර කෝටුවේ ගැට දෙකක් වගේ අල්ලේ වැදුනා..ඇඟිලි වලටත් එක්ක වදින්න ගැහුවේ මැඩම්..මට ඇඬුනා නිකන්ම..අල්ල පැලුනා කියලා හිතුනේ.කිසිම අනුකම්පාවක් නැතුව ඒ කෝටුව උපරිම උස්සලා පාරවල් 4ම ගැහුවේ..මට ඇඟිලි හොල්ලන්න බෑ වගේ තේරුනා එකපාරම නිකං.මැඩම් වලලුකර හිර කරලා අල්ලගෙන නිසා අත ගසන්න වත් මොකුත් කරන්න විදයක් නෑ.."යනවා එලියට..ගිහින් දොර ගාවින් දණගහනවා..."
මැඩම් අත අතෑරලා කීවා..අම්මෝ මම අනිත් අතටත් වදී කියලා බයවෙලා හිටියේ.හැබැයි ඒකට ඒ පාරවල් 4 වැදුනොත් සතියක් දෙකක් අකුරු ලියන්න වෙන්නේ නෑ කියලා මැඩම් උනත් දන්නවා ඇති.මමත් වෙලාවට වම් අත දික් කරේ.මම ගවුමේ අල්ල පිහ පිහ අඬ අඬ ගිහින් දොර ගාව දණගැහුවා..මාරම විදියට අල්ල කැක්කුම තිබ්බා..ගැසුවට එච්චර අඩු වෙන්නෙත් නෑ...දණගහගෙන ඉන්න එක ඊටවඩා ලැජ්ජාව..තනියමනේ අනික..දොර ගාව දණගහගෙන ඉන්නකොට කොල්ලොන්ට හොඳට මාව පේනවා..වෙලාවට සවිඳු දෙමළ කරන්නේ නෑ..කොල්ලො දෙන්නයි ඉන්නේ වෙලාවට..එදා දෙමළ පලවෙනි පීරියඩ් එකත් ඉවර වෙලා අන්තිම පීරියඩ් එකෙත් භාගයක් ගියාට පස්සේ මැඩම් කීවා "වාඩිවෙනව දැන්" කියලා...මම ගිහින් වාඩි උනා...
අල්ල නම් ඇඟිලි නමන්න දිගාරින්නත් බෑ වගේ..රිදෙනවා ඒ තරම්.මම තාම අල්ල දිහා බැලුවෙවත් නෑ බයට..එදා ඉස්කෝලෙ ඇරෙන්න බෙල් කරාට පස්සේ තමා "අම්මෝ උබ කොහොමද බං හිටියේ..මටනම් චූ යයි හලෝ" කියලා කෞෂල්‍යා කීවේ මට..නොකීවට මොකද වොශ්රූම් යන්නේ කොයි වෙලේද කියලා බල බල හිටියේ මාත් ඒ තරම් චූ බරේ..බයට සාමාන්‍යයෙන් වෙන දෙයක්නෙ ඒක.හැබැයි ලේසියෙන් යන්නේ නම් නෑ ඉතිං.."අම්මෝ බං මේ....අනේ බං වොශ්රූම් ගිහින්ම එමුකො මෙහෙමම...මට යන්න ඕන.."මම අල්ල කෞෂල්‍යා ට පෙන්නලා කීවම ඒකිට හිනා ගියා එකපාරම.."මං හිතුවා උබට බරවෙලා ඇති කියලා.." කියලා දෙන්නම වොශ්රූම් එකට ගිහින් එදා ගෙදර ගියා....
එද දවස නම් ඕනෙම නෑ..නුලෙන් බේරුන අවස්ථා වගේම අවාසනාවන්ත විදියට ගුටිකාපු අවස්ථා තමා එදා තිබ්බේ...අම්මගෙන් ගුටිකාපු දවස වගේම පහුවදා දවස නම් අමතක නොවෙන දවස් තමයි....කොහොමහරි ඒ විදියට ආයෙම සාමාන්‍ය විදියට කාලය ගෙවිලා ගියා...සතියක් දෙකක් නෙමේ මාසයක් විතරම ගියා..දැන් අපේ පංතියේ ගොඩක් කොල්ලෝ දිග කලිසම් අඳින්න පටන් අරගෙන..හැබැයි සවිඳු නම් තාම කොට කලිසම තමා අඳින්නේ..අපි දෙන්නගේ ලව් එෆෙයා එකත් සාමාන්‍ය විදියට ගෙවිලා ගියා..ඒ කාලේ ඉතිං කලාතුරකින් ටියුෂන් ක්ලාස් එකකදි හම්බෙනවා, කෝල් කරනවා ,ඉස්කෝලෙ කතා කරනවා ඔච්චර තමයි..හැබැයි සෙක්ශන් එකේම අය දැනගෙන හිටියේ අපි දෙන්නා යාලු බව..ඕක වටින් ගොඩින් අංශප්‍රධාන මැඩම්ටත් නෝට් වෙලා තිබ්බේ කියලා මට එක එක තැන් වලින් ආරංචි ආවා...
ඒවා කතාවේ ඉස්සරහට කියන්නම්කෝ...ඔයාලට මතකනේ අපේ අනෝමා මැඩම් කොල්ලො ටිකට ගුටි පූජාවක් දුන්න පලවෙනි අවස්ථාව...ඒකෙන් පස්සේ ඉන්ටවල් එකෙන් පස්සේ ගණිතය තියෙන දවස් වලට කවුරුත් බෝල ගහන්න ගියේ නෑ මාසයක් එකහමාරක් යනකන්ම..ටික කාලයක් යනකොට ඉතිං දන්නවනේ අපේ කට්ටියට සේරම අමතක වෙනවනෙ..ඔන්න ආයෙම දවසක මුන් සෙට් එකම ඉන්ටවල් එකෙන් පස්සේ ගණිතය තියෙන දවසක ගියා ක්‍රිකට් ගහන්න..කොහොමහරි එදා වෙනදා තරම් ඉක්මනට අනෝමා මැඩම් ආවෙත් නෑ ක්ලාස් එකට..ඉන්ටවල් ඉවර වෙලා විනාඩි 5ක් වගේ ගියා..තාම එක කොල්ලෙක්වත් නෑ..මට සවිඳු එක්ක නම් මාර තරහක් ආවේ එදා..ගුටිකාලත් මාසෙකින් මුන්ට මතක නෑනෙ..මම හිතින් කිය කිය හිටියේ අනේ අනෝමා මැඩම් ඉක්මනට එන්න මුන් එන්න කලින් කියලා..හරියටම හරි...කහ පාට සාරියකුත් ඇඳගෙන වෙනද වගේම පොත් ටිකත් අරගෙන අනෝමා මැඩම් "ආයුබෝවන් ලමයි"කියාගෙන ක්ලාස් එකට ආවා..."
කෝ අද මේ පිරිමි
ලමයි ටික??.."මැඩම් එදා වගේම ඇහුවා...උත්තරයක් දෙන්නත් ඕන නෑ අමුතුවෙන්
මැඩම් දන්නවනෙ කට්ටියට එදා බෙහෙත අමතක වෙලා බව..මට එදා නම් සවිඳු ගැනවත්
දුකක් තිබ්බේ නෑ..හෙනම සතුටින් ආසාවෙන් හිටියේ අද කන කෑම බලන්න.."වාර
අවසානෙ ලංවෙලා...මම මේ සිලබස් එක කවර් කරන්න ට්‍රයි
කරනවා පේපර් ටිකක් කරවන්න..මුන්ට එදා අනුකම්පා කරලා පොඩි දඬුවමක් දීලත්
මාසෙකින් ඒ වැරැද්දම කරනවද...??ගිහින් එක්කන් එනවා කවුරුහරි ඉක්මනට..."
මැඩම් කේන්තියෙන් පුපුර පුපුර හිටියේ එදා නම්....ඉස්සරහ පේලියේ කෙල්ලෙක්
ගියා මැඩම් කීව නිසා..අද මුන් එදාටත් වඩා පරක්කුයි ඇත්තටම...11.45යි වෙලාව ඒ
වෙනකොට..තාම නෑ....
මතුසම්බන්ධයි..........
මුල් පළකිරීම - Wewal kasaya katha (Facebook)
No comments:
Post a Comment